
AdLink ,මොකක්ද මේ ඇඩ් ලින්ක් කියන්නේ.ඇඩ් ලින්ක් තමයි මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම ඇඩ් නෙට්වර්ක් එක, ඒ කියන්නේ හරියට ඇඩ් සෙන්ස් (adsense) වගේ.වෙනස තමයි ඇඩ් සෙන්ස් ගූගල් එකේ උනාට ඇඩ් ලින්ක් ලංකාවේ වැඩක්නෙ. ඇඩ් නෙට්වර්ක් එකක් කියන්නේ සල්ලි උල්පතක් කීවොත් මන් හිතන්නේ මන් හරි ,මොකද හොදට හිට්ස් වදින වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියනවනන් අපිට කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ බලාගෙන ඉන්ඩ විතරයිි තියෙන්නේ සල්ලි දිහා. ඇඩ් සෙන්ස් පාවිච්චි කරන අය දන්නව ඇතිනේ රහ නේද.
අහ් එහෙනන් අපි එයි ඇඩ් සෙන්ස් තියෙද්දි මේ ඇඩ් ලින්ක් එක පාවිච්චි කරන්නේ...?
මේකනේ සීන් එක ඇඩ් සෙන්ස් කියන්නේ ඇමරිකන් කාරයගේ කොම්පැනියෙනේ ඒ කියන්නේ ගූගල් එකේනේ.ඉතින් ඇමරිකන් කාරය එහෙම ලේසියෙන් අපිට සල්ලි හම්බ කරන්ඩ දෙන්නේ.ඇත්තම කීවොත් ඇඩ් සෙන්ස් අපේ වෙබ් සයිට් එකකට දාගන්ඩ මාර කට්ටක් කන්ඩ ඕන. ගූගල් ඇඩ් සෙන්ස් වල ඇප්රූවල් ප්‍රොසස් එක ටිකක් ස්ටෝන්ග්, එයාල ගොඩක් දේවල් බලනවා එකට. එහෙම කට්ට කාල දා ගත්තත් සුවර් නෑ කොයි වෙලේ බෑන්ඩ් කරයිද කියල.එහෙම උනොත් සල්ලි ටිකටත් දෙයියන්ගෙම පිහිටයි.
හොදම දේ තමයි එයාල ඇඩ් සෙන්ස් ඇඩ් දාගන්ඩ දෙන්නේ සුද්දගේ භාෂාව තියන වෙබ් සයිට්/බ්ලොග් වලට විතරයිනේ...සුද්ද කැමති නෑනේ අපි වගේ එවුන් කීයක් හරි හොයා ගන්නවට. මන් දන්න විදියට ඇඩ් සෙන්ස් එකෙන් සල්ලි ගන්න කොටත් ලංකාවේ බැංකුත් එක්ක මොකක්දෝ හුටපටයක් තියනවලු. කෝම උනත් ඔක තමයි ඇඩ් සෙන්ස් පැටිකිරිය.
ඒ උනාට මේ ඇඩ් ලින්ක් (AdLink) ඇඩ් සෙන්ස් වගේ නෙවේ, මේක ෆුල් ශ්‍රී ලාංකිකයිනේ ඉතින් අරක වගේ කට්ට කන්ඩ ඕන නෑ ඇප්රූවල් එකට එක දවසෙන් වැඩේ ගොඩ. මොකක් හරි අවුලක් වගේ නන් කෝල් එකක් දුන්න ඇඩ් ලින්ක් එකට ඒච්චරයි. (ඇඩ් සෙන්ස් වල අවුලක් ගියොත් ගූගල් එකට කෝල් කොරන්ඩයෑ..)
අනික ඇඩ් ලින්ක් ලංකාවේ සිංහල වෙබ් සයිට්/බ්ලොග් වලට කිසි අවුලක් නැතුව දාන්ඩ පුලුවන් හරියට මන් මේ බ්ලොග් එකට දාල තියනව වගේ.
අහ් සල්ලි ගැනත් කියන්ඩ එපායැ. ඇඩ් සෙන්ස් වගේ නෙමේ සල්ලි ගැන බයවෙන්ඩ දෙයක් නෑ ,මේක ලංකාවේ වැඩක් හින්ද ඕනෑම බැංකුවකට සල්ලි ගෙන්වා ගන්ඩ පුලුවන් රුපියල් 1000 ක් එකතු වුන ගමන්.
ඔයාලටත් හොදට ට්රැෆික් තියන් වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි තියනවනන් රෙජිස්ටර් වෙලා ඇඩ් ලින්ක් කෝඩ් එක දාගෙන බලන්ඩ .. සුපිරි..
**************************
වැදගත්ම දෙයක් කියන්ඩ අමතක උනා , දන්නවද කවුද ඇඩ් ලින්ක් (AdLink) කරන්නේ කියල. ඇඩ් ලින්ක් කරන්නේ ලංකාවම දන්න භාෂා ලංකා සමාගම www.Bhasha.lk ඒ හින්ද මේකේ වගකීම සහ සුරක්ෂිතභාවය ගැන වගේම විශ්වාසය ගැනත් දෙපාරක් හිතන්ඩ ඕන නෑ.
**************************
ඇඩ් ලින්ක් ගැන තව විස්තර ඉස්සරහට කියන්නන්කෝ..

elaz
ReplyDeleteකෝ බන් ඒක දැන් වහලද
ReplyDelete